කුමන තරාතිරමක පුද්ගලයෙකුට වුවද වත්මන් ආණ්ඩුව යටතේ නීතිය සමානාත්මකව ක්‍රියාත්මක බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහතා පවසනවා. ජාතික ජන බලවේගය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකගේ සැමියා සහ පුත්‍රයා හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේ සැමට නීතිය සමානව ක්‍රියාත්මක කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කිසි ලෙසකින් වෙනස් නොවන බවයි.
සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාල ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රී දිස්නා නිරන්ජලා කුමාරි මහත්මිය එම ධුරයෙන් ඊයේ ඉල්ලා අස්වුණා. මේ අතර අනුරාධපුර එප්පාවල හෝටලයකදී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 184ක් සමඟ ඊයේ අත්අඩංගුවට ගැණුනු විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරු ලබන 12 වනදා දක්වා දින 07ක කාලයක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට ඊයේ අවසර ලබාදුන්නා.




