පිරමීඩ ජාවාරම්වලින් ආරක්ෂා වීම සඳහා පිරමීඩ ව්‍යාපාරවල ස්වභාවය හඳුනාගැනීමට ජනතාව උනන්දුවිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ජේ.පී.ආර්. කරුණාරත්න මහතා පවසනවා.

පිරමීඩ ව්‍යාපාර සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ සතියක් ප්‍රකාශය කිරීමට මහ බැංකුව තීරණය කළේ රට තුළ පිරමීඩ ව්‍යාපාරවල වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් බවද ඔහු කියා සිටියා.

නෙත් නිවුස් සිව්වෙනි මානය වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ජේ.පී.ආර්. කරුණාරත්න මහතා මෙම අදහස් පළ කළා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ජේ.පී.ආර්. කරුණාරත්න මහතා.