පිලිපීනයේ සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් රික්ටර් මාපකයේ 6.9 ක ප්‍රභල භූ කම්පනයක් හටගෙන තිබෙනවා

මධ්‍යම පිලිපීනයට බලපෑ එම ප්‍රභල භූ කම්පනයෙන් මේ වන විට පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 147 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

භූමිකම්පනය හේතුවෙන් විදුලිය ඇනහිටීම් සහ ගොඩනැගිලි වලට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ගොඩනැගිලි සුන්බුන් අතර සිටින පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙමින් පවතින අතර මරණ සංඛ්‍යාව ඉහළ තවත් යනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරන්නේ

එරට ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය පවසන්නේ භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානයක් නොමැති බවය.

භූ කම්පනයේ බලපෑම් එල්ල වූ විසායාස් කලාපයේ පිහිටා ඇති සෙබු නගරයේ මිලියනයකට ආසන්න ජනගහනයක් ජිවත් වනවා.