කොස්ලන්ද, පුනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ ගින්නක් හටගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ හටගත් එම ගින්න ඊයේ රාත්‍රිය වනතුරු වේගයෙන් පැතිර යාම හේතුවෙන් එම රක්ෂිතයට විශාල හානියක් සිදු වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා.

අද අලු‍යම වන විට එම ගින්න පාලනය වී තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.