ගලේවෙල, මාදිපොළ ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල මාදිපොළ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

එම සැකකරුවන් මාදිපොළ, වැලිකන්ද, මිල්ලවාන, දම්මින්න හා දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි ගලේවෙල පොලීසිය පැවසුවේ.

බණ්ඩාරදූව නවගිරියාව ප්‍රදේශයේදී අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බණ්ඩාරදූව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

එම සැකකරු නවගිරියාව, ගොනාගොල්ලල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.