Published
මහනුවර දළදා පෙරහැර පැවති කාලසීමාව තුළදී කසල මෙට්‍රික් ටොන් 300කට ආසන්න ප්‍රමාණයක් මහනුවර මහ නගර සභාව විසින් එකතු කර ඇති බව මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ප්‍රධානී, නාගරික යාන්ත්‍රික ඉංජිනේරු නාමල් ධම්මික දිසානායක මහතා පවසනවා.
ඔහු එහිදී සඳහන් කළේ මෙම කසල මෙට්‍රික් ටොන් 300 තුළ පොලිතීන් ටොන් 40කට ආසන්න ප්‍රමාණයක් සහ මිශ්‍ර කසල 50කට ආසන්න ප්‍රමාණයක් එකතු වී ඇති බවයි.
මහනුවර පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර මහ නගර සභාව සිදු කළ කාර්යභාර්ය පිළිබඳවද ඔහු මෙහිදී අදහස් පළ කළා.




