Published
පොතුවිල් ප්රදේශයේ බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 56 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන් කෝමාරි, තිරුක්කෝවිල් හා පොතුවිල් රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිමඩ ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 74ක් වූ පුද්ගලයෙක්.
තුවාලකරුවන් අතර කාන්තාවන් සහ ළමුන් කිහිප දෙනෙකුද වනවා.
වැලිමඩ ප්රදේශයේ සිට පොතුවිල් දෙසට ධාවනය වූ වන්දනා නඩයක් රැගත් බස් රථයක් පොතුවිල්, කෝමාරි ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
ආරුගම්බේ පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.




