Published
                
                 
                
            නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නම භාවිත කරමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කිරීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කාන්තාව යළි රිමාන්ඩ් කර තිබෙනවා.
ඒ අනුව සැකකාරිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට අද යළි ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඇය ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
එලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු කාන්තාව දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වනවා.
එම කාන්තාව ධාවනය කරමින් සිටි මෝටර් රථය රථවාහන වරදක් සම්බන්ධයෙන් උඩුගම්පොළ ප්‍රදේශයේදී නතර කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ දරා ඇති අතර එහිදී ඇය පොලිස් අණ නොතකා මෝටර් රථය ධාවනය කර තිබුණා.
කෙසේවෙතත් එම මෝටර් රථය පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් සැකකාර කාන්තාව මිනුවන්ගොඩ, පොල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.




