Published
පොලිස් නිලධාරියාගේ රාජකාරී වපසරිය සීමාවකට ලක් කළ නොහැකි බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඊට සුදුසු වන ආකාරයේ වෘත්තීමය පොලිස් නිලධාරියෙකු ලෙස පත්වීම සෑම නිලධාරියෙකුගේම වගකීම බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙම අදහස් පළ කළේ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් හා පොලිස් කොස්තාපල් රියදුරන් පිරිසක් විසිර යාමේ උත්සවයකට එක්වෙමින්.
එම උත්සවය පහළගම පොලිස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවති අතර එහිදී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අදහස් පළ කළා.




