Published
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ජාතික පොලිස් කොමිසමට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වනවා. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු අදාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සමාජ මාධ්‍ය වෙත ලබාදී ඇති බවටයි එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.
පොලිස් දෙපාර්තමේන්තුවේ රහසිගත අභ්‍යන්තර ලිපිගොනු බාහිර පාර්ශ්වයක් වෙත ලබාදී ඇති බවට අනාවරණ වීමත් සමග පොලිස්පතිවරයා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවද වාර්තා වනවා. චෝදනා එල්ල වී සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අදාල සමාජ මාධ්‍ය ක්‍රියාකරු වෙත ලබාදුන් බව කියන හඬපටයක් ද පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසමට හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.




