Published
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක අවලංගු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
එළඹෙන 30 වනදා දක්වා මෙය ක්‍රියාත්මක වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසා සිටියේ.
යම් නිලධාරියෙකුට පවතින ආපදා තත්ත්වය හමුවේ අනුයුක්ත කර ඇති පොලීසියට රාජකාරී සඳහා වාර්තා කිරීමට නොහැකි නම් ළඟම ඇති පොලීසියට රාජකාරී සඳහා වාර්තා කරන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.





