උදාවුනු පොසොන් පුන් පොහොය නිමිත්තෙන් කතරගම පූජාභූමිය වැඳපුදා ගැනීම සඳහා අති විශාල බැතිමතුන් පිරිසක් පැමිණ තිබෙනවා
අලුයම කාලයේ සිට කිරි ආහාර පූජා, මල් පහන් ගිලන්පස බුද්ධ පූජා, කංචුක පූජා, ධර්ම දේශනා ධර්ම සාකච්ඡා දවස මුළුල්ලේම පැවැත්විණ.
රුහුණු මහා කතරගම දේවාලය ඇතුළු සෙසු දේවාලයන්හි පූජාවන් තැබීම සඳහා දහස් සංඛ්‍යාත බැතිමතුන් පූජාවට්ටි රැගෙන පෝලිම්ගැසී සිටින ආකාරයක්ද දක්නට ලැබුන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
කිරිවෙහෙර විහාරස්ථ මහසෙන් සිල් සමිතිය සහ කුළඟන සමිතිය සාමාජිකයින් සමග දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සිට පැමිණි බැතිමතුන් 2000 ට අධික පිරිසක් කිරිවෙහෙර අබියස සිල් සමාදන් වී තිබෙනවා.
මේ අතර ලෝක සාමය පතා තායිලන්තයේ සිට වැඩම කළ භික්ෂූන් වහන්සේ සියක් නමක් කිරිවෙහෙර අබියස විශේෂ ආගමික වැඩසටහනක් පවත්වා ඇති අතර එම පිරිස පාගමනින් කොළඹ බලා පිටත් වන බවයි සංවිධායකයෝ පවසා සිටියේ
මෙලෙස පැමිණි බැතිමතුන් සඳහා විවිධ පුද්ගලයින් සහ සංවිධාන එකමුතුවෙන් කිරිබත්, බත්, රස කැවිලි, ප්‍රයිඩ් රයිස්, කොල කැඳ යනාදී දන්සැල් රැසක් කිරිවෙහෙර, දේවාල මාර්ගය දෙපස පවත්වාගෙන යනු ලැබිණ.
මේ අයුරින්ම දහස් සංඛ්‍යාත බැතිමතුන් සෙල්ල කතරගම සහ වැඩ සිටි කන්ද වැඳ පුදා ගැනීම සඳහාද පැමිණි බව වැඩ සිටි කන්ද රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති හීල්ලේ ඤාණානන්ද හිමියෝ පැවසූහ.