පොසොන් පුර පසළොස්වක පොහොය නිමිති කර ගනිමින් දිවයින පුරා සංවිධාන කර ඇති දන්සැල් 4,125ක් මේ වන විට ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ ලබන සඳුදා දින පස්වරුව දක්වා දන්සැල් ලියාපදිංචි කිරීම සහ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන බවයි.
මේ දිනවල පැතිර යන බෝවන රෝග තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් දන්සැල් සංවිධායකවරුන්ට ඒ සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් ලබා දීමටද පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව පවත්වන නේත්‍රාලෝක පොසොන් උදානය මෙවර තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා.
ඊට සමගාමීව ධර්ම දේශනා මාලාවක්, ශ්වේත පූජා පොහෝදා පිංකම් වැඩසටහන, තිස්සමහාරාම පෙරහැර ආදී අංග රාශියක් පැවැත්වීමටයි සංවිධාන කර ඇත්තේ.
එමෙන්ම නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය ජූනි 08, 09 සහ 10 යන දිනවලදී පැවැත්වෙනවා.