Published
කිසියම් දේශපාලන පක්ෂයක, අපේක්ෂකයෙකු ලෙස යම් අයෙකු තෝරා ගැනීමේදී පොලිස් වාර්තාවක් ලබා ගැනීම අනිවාර්යය කරන ලෙස “මාර්තු 12 ව්‍යාපාරය” මෙරට දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ මීට දශකය පමණ සිට බව එම ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. මින් ඉදිරියට සිය පක්ෂයේ අපේක්ෂකත්වය ලබාදීමේදී පොලිස් වාර්තාවක් අනිවාර්ය කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
ඕනෑම දේශපාලන පක්ෂයක් යම් පුද්ගලයෙකුට අපේක්ෂකත්වය ලබාදීමේදී සැලකිල්ලට ගත යුතු තවත් කරුණු ගණනාවක් පවතින බවද මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙහිදී පෙන්වා දුන්නා.




