Published
හොරණ, මීවනපලාන ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පෞද්ගලික ආරවුලක් මත ඊයේ රාත්රියේ සිදුවූ එම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්රදේශයේම පදිංචි වයස අවුරුදු 45ක් වූ පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.
එම වෙඩි තැබීම සඳහා බෝර 12 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට දැනට සිදු කරන ලද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බවත් පොලීසිය වැඩිදුරටත් පැවසුවා.




