Published
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.
ඊයේ දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 09කට ලකුණු 484ක් රැස් කර ගනිමින් ප්‍රබල ස්ථානයක පසු වුණා.
ඒ, නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝගේ සහ මුෂ්ෆිකර් රහීම්ගේ විශිෂ්ඨ පිති හරඹය හේතුවෙන්.
මුෂ්ෆිකර් රහීම් ලකුණු 163ක් රැස් කළ අතර නායක නජිමුල් ෂැන්ටෝ ලකුණු 148ක් රැස් කිරීමට සමත් වුණා.
ඔවුන් දෙදෙනා අතර සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුනු සබඳතාව ලකුණු 264ක්.
ලිටන් ඩාස් දැවී ගියේ ලකුණු 90කටයි.
පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක සහ තරිඳු රත්නායක කඩුලු 03 බැගින් දවා ගැනීමට සමත් වුණා.
තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.