බණ්ඩාරවෙල, පරෙයියංගල කන්දේ හටගත් ගින්නක් සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ එම ගින්න පරෙයියන්ගල කඳු මුදුනට ව්‍යාප්ත වී බණ්ඩාරවෙල දෙසට පැතිර යමින් ඇති බවයි.

පිවිසීමට අපහසු, දැඩි බෑවුම් සහිත කඳු පන්තියක එම ගින්න පැතිර යමින් ඇති බවද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

පැතිර යන ගින්න මැඩපැවැත්වීම සඳහා පොලීසිය, වනජීවි හා වනාරක්ෂණ නිලධාරීන් සහ යුද හමුදා භට කණ්ඩායමක් ද කැඳවා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.