Published
බදුල්ල දිස්ත්රික්කයේ ප්රධාන නගර යා කෙරෙන බදුල්ල, බණ්ඩාරවල, වැලිමඩ මහියංගණය පස්සර, දියතලාව, හපුතලේ ,ඇල්ල, හාලිඇල යන ප්රධාන නගර යාවන මාර්ග පද්ධතිය අද (04) වන විට එකිනෙක සම්බන්ධ කර අවසන් වූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල ප්රධාන ඉංජිනේරු කාර්යාලය පවසනවා.
මීට අමතරව බදුල්ල දිස්ත්රික්කයේ සිට බස්නාහිර දකුණ නැගෙනහිර උතුරු මැද පළාත්වලට පිවිසුම් මාර්ගද මේ වන විට විවෘත කර අවසන් බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.




