බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වනවිට 35ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයන් 28 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කර සිටියේ

එමෙන්ම, අයහපත් කාලගුණයෙන් සහ නායයෑම්වලින් දැඩි ලෙස බලපෑමට ලක්වූ ප්‍රදේශවල අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.