බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා විනය පරීක්ෂණයක් සඳහා අද දිනයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා.

ඒ පසුගිය කාලසීමාවේදී ඖෂධ හිඟය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට අදාළව සිදුකෙරෙන විනය පරික්‍ෂණයක් සඳහායි.

ඒ අනුව ඔහු අද දිනයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබෙනවා.

හෙට දිනයේදීද ඊට අදාළ විමර්ශනය සඳහා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි ඔහුට දැනුම් දී ඇත්තේ.

පසුගියදා ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුර සිදුවූ අවස්ථාවේදී සිය ජීවිත අවදානමද නොතකා අනතුරට පත්වූවන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අදාළ ස්ථානයටම ගොස් ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළා.