රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේ ඊයේ රාත්‍රියේ ද ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අධිකරණ පරිශ්‍රයේ රැඳී සිටියා.

අධිකරණයේ සිට ඊයේ රාත්‍රියේ පළමුව ඔහු රැගෙන එනු ලැබුවේ මැගසින් බන්ධනාගාරය වෙත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඉන් අනතුරුව එහිදී රැඳවියෙකු ලෙස ඔහු ලියාපදිංචි කිරීමෙන් පසුව බන්ධනාගාර වෛද්‍යවරයකු විසින් ඔහු පරීක්ෂා කර තිබෙනවා. එහිදී වෛද්‍ය නිර්දේශය ලබාදී ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔහු රෝහල් ගත කළ යුතු බවටයි. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ඊයේ රාත්‍රි 11.30ට පමණ වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.