Published
2024 වසරේ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනජිත් හේමන්ත රණසිංහ මහතා ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය විසින් මෙම නියෝගයක් නිකුත් කළේ අල්ලස් කොමිසම සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි. බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර සඳහා රඳවා සිටි රැඳවියකු ප්‍රතිකාර අවසන් වීමෙන් පසුව බූස්ස බන්ධනාගාරයට නොයවා රෝහලේ රඳවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහළොවක අල්ලසක් ඉල්ලා ඉන් ලක්ෂ තුනක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බවට සැකපිට මෙම වෛද්‍යවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.