බම්බලපිටිය, දුම්රියපොළ අසල මුහුදේ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී මෙම මළ සිරුර සොයාගත් බවයි.
බිළිඳාගේ වයස අවුරුදු එක හමාරක් පමණ වන බවටයි සැලකෙන්නේ.
පොලිස් කොස්තාපල් සැමියා සමග ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව මෙම බිළිඳා සමග කාන්තාවක් මුහුදට පැන සිය දිවි නසා ගැනීමට උත්සාහ දැරූ බව කොල්ලුපිටිය පොලිසිය පැවසුවා.
බිළිඳා මුහුදට ගසාගෙන ගොස් අතුරුදන් වූ අතර කාන්තාව ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණා.
වැලිමඩ, මොරගල පාර ප්රදේශයේ පදිංචි අදාල කාන්තාව සිය සැමියා සමග ඇතිකර ගත් ආරවුලක් හේතුවෙන් බිළිඳා සමග කොල්ලුපිටිය ප්රදේශයට පැමිණ කොල්ලුපිටිය මුහුදුබඩ ප්රදේශයේදී සිය දිවි හානි කර ගැනීම සඳහා මුහුදට පැන ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. කොල්ලුපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.



