Published
වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් කොටවෙහරගල ප්‍රදේශයේ දී බස් රථයක පසු පස යතුරු පැදියක් ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
එම අනතුරින් යතුරු පැදියේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සදහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත.
මෙසේ අනතුරට ලක් වී ඇත්තේ රන්දෙණිගොඩයාය හදපානාගල ලිපිනයේ පදිංචි වයස අවුරුදු විසි හතරක පුද්ගලයෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිසිය විසින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා





