Published
ලබන මස පළමුවනදා සිට සියලුම බස් රථ රියදුරන් ආසන පටි පැළඳීම අනිවාර්ය කළද, එය එදින සිට එය ක්‍රියාත්මක කිරීමට නොහැකි බව බස් සංගම් පවසනවා.
පැරණි බස් රථවල රියදුරු අසුනේ ආසන පටි සවි කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන්නැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා.
ඒ සඳහා වැය වන මුදලින් අඩක් ගෙවීමට තමන්ට හැකි බවද ඔහු කියා සිටියා.
කෙසේවෙතත් ලබන මස පළමුවනදා සිට සියලුම බස් රථ රියදුරන් ආසන පටි පැළඳීම අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවා.
එහි සභාපති ඉංජිනේරු පී ඒ චන්ද්‍රපාල මහතා පැවසුවේ මෝටර් රථ පනතේ ප්‍රතිපාදනවලට අනුව ගැසට් නිවේදනයක් මගින් 2011 වසරේ සිට රියදුරන්ට ආරක්ෂක ආසන පටි පැළඳීම අනිවාර්යය කර ඇති බවයි.