බස් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් අම්බලන්තොට කිවුල ප්‍රදේශයේ දී අනතුරක් සිදුව තිබෙනවා

මාතර සිට මහගල්වැව දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් හා හම්බන්තොට සිට තංගල්ල දක්වා ධාවනය වූ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත්තේ

අද පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් 15කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ