Published
කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකුව සිටි බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 94 වන වියේ පසුවුණා.
කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයයේ මුලික අධ්‍යාපනය ලබා පසුව ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්වීතීය අධ්‍යාපනය ලැබීමෙන් පසු බ්‍රැඩ්මන් වීරකෝන් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තිබෙනවා.
1954 වසරේදී ශ්‍රී ලංකා සිවිල් සේවයට බැඳුනු ඔහු, දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සේවය කර පසුව 2002 වසර දක්වාම ජනාධිපතිවරු තිදෙනෙකුගේ සහ අගමැතිවරුන් 7 දෙනෙකු යටතේ ලේකම් ධුරයේ සේවය කළා.