ටී අසූ 81 ගිනි අවිය සමග අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගේ ගෝලයෙකු වන හෙට්ටි ලියනගේ ලක්ෂාන් නොහොත් අමිල ඇඹිලිපිටිය නමැත්තා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔහු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ගිණි අවි ප්‍රවාහනය සහ ළඟ තබා ගැනීම සම්බනධයෙන් ඔහු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් ඔහු අත්අඩංගුවට ගැණුනේ ඊයේ දිනයේයි.

මෙම සැකකරු බැකෝ සමන්ගේ සමීපතමයා වන බවටයි අනාවරණ වී ඇත්තේ. මෙම සැකකරු ඇඹිලිපිටිය ගඟේයාය ප්‍රදේශයේදී පදිංචිකරුවෙක්.

සැකකරු සන්තකයේ තිබී ටී 81 වර්ගයේ ගිනිඅවියක්, උණ්ඩ 97ක්, මැගසින් 02ක් සහ හමුදා නිල ඇඳුමක් ද බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණා.