අලුත් බැලුම්ගල නමින් නව වැඩසටහනක් අද සිට ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්.
කාලීන සිදුවීම් පිළිබඳ පුළුල් විමසා බැලීමක් සිදු කෙරෙන මෙම වැඩසටහන සතියේ දිනවල උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව ප්‍රචාරය කෙරෙනවා.
මීට අමතරව නෙත් රේඩියෝවේ වැඩසටහන් පෙළ ගැස්මට තවත් නව අංගයක් එක් කරමින් ‘මන්දාරම් රෑ’ වැඩසටහනද අද සිට සතියේ සෑම දිනකම රාත්‍රී 07 සිට 09 දක්වා ප්‍රචාරය කිරීමට නියමිතයි.
මේ අතර ‘ජන පීඩක කඩතුරා විනිවිද’ යන තේමාව ඔස්සේ වසර ගණනාවක් පුරා මෙරට ජනතාවගේ පොදු ගැටලු දහස් ගණනකට විසඳුම් ලබාදුන් නෙත්සැරය විශේෂාංගය යළි ආරම්භ කිරීමට නෙත් නිවුස් අප තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔබ ප්‍රදේශයේ පවතින පොදු ගැටලු රටටම ඇහෙන්න කියන්නත්, බලධාරීන්ගේ අවධානය යොමු කර ඒවාට විසඳුම් ලබා දීමටත් අප සූදානම්.
ඒ සඳහා ඔබ කළ යුත්තේ ඔබේ ප්‍රදේශයේ පවතින පොදු ගැටලු සහ ඒ සම්බන්ධයෙන් විස්තර ලබා දීමට ගම්වාසීන් සිව් දෙනෙකු සම්බන්ධ කර ගත හැකි දුරකතන අංක සමඟ යන දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කිරීමයි.
මේ අතර www.nethnews.lk වෙබ් අඩවියද නව මුහුණුවරකින් අද සිට ඔබ වෙත ගෙන ඒමට අප පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව www.nethnews.lk වෙබ් අඩවිය තුළින් නවතම, ගවේෂනාත්මක හා ආකර්ෂණීය තොරතුරු වේගවත් ලෙස ඔබට සමීප වනු ඇති.
ඔබේ පරිගණකයෙන්, ටැබ්ලට් එකෙන් හෝ දුරකථනයෙන් නෙත් නිවුස් වෙබ් අඩවියට පිවිසිය හැකියි.
මෙම තාක්ෂණික ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සඳහා අප සමඟ එක්වූ “කබ්ස් ඩෙව් ටීම්” වෙත නෙත් නිවුස් අපගේ විශේෂ කෘතඥතාව හිමි වනවා.