රියදුරු බලපත්‍රයක් නොමැතිව බීමතින් ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථයක් ධාවනය කරමින් සිටියදී පදවිය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ බස් රථ රියදුරෙකු මේ මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් නිමේෂා පටබැඳිගේ මෙනවිය ලබාදුන් නියෝගයක් අනුවයි.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මීරිගම පල්ලේවෙල, පූගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

පදවිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් පදවිය බණ්ඩාරනායක හංදිය ප්‍රදේශයේදී සැකකාර රියදුරා අත්අඩංගුවට ගෙන ස්වශන පරික්ෂණයකට භාජනය කර තිබෙනවා.

සැකකරු ඇඟලුම් සේවිකාව රැගත් බස් රථය ධාවනය කර ඇත්තේ මත්පැන් පානය කර බව ස්වශන පරික්ෂණයේදී හතවුරු වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.