බුත්තල පැපොල් වගාවක මියගිය අලියා විදුලි සැර වද්දවා ඝාතනය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් මහගොඩයාය ප්‍රදේශයේ පැපොල් වගාවක් තුල තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් පසුගිය දා සොයාගෙන තිබුණා.
එම වනඅලියාගේ සිරුර සම්බන්ධයෙන් සිදු කල පශ්චාත් මරන පරීක්ෂණයේ දී වනඅලියාට විදුලි සැර වද්දවා ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වීය.
පසුව වනජීවි නිලධාරීන් විසින් එම පැපොල් වගාවේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු හැටක පුද්ගලයෙක් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
මෙලෙස ඝාතනය කර ඇති වනඅලියා ඉතාමත්ම යහපත් සෞඛ්‍ය තත්වයකින් පසු වූ වනඅලියෙක් බව වනජීවි නිලධාරීන් පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.