අද සිට ආරම්භ වන බෝරා සමුළුව හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසනවා.
බෝරා සමුළුව කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම සමුළුව අද සහ 27 වනදා සිට ජූලි 05 වනදා දක්වා පැවැත්වීමටයි කටුයතු සංවිධාන කර ඇත්තේ.
බෝරා සමුළුව සඳහා සැළකිය යුතු පිරිසක් සහභාගී වීමට නියමිතව ඇති බැවින් මෙම දිනවල උදෑසන 07 සිට රාත්‍රී 10 දක්වා මරදාන ඩාර්ලි පාර, ගාමිණි වටරවුමෙන් ඩී.ආර්.විජේවර්ධන මාවතට බහාලුම් රථ, ගල්, වැලි පටවන ලද ටිපර් රථ ඇතුළු වීම සීමා කිරීමට කටයුතු කරනු ලබන බවයි පොලීසිය පවසන්නේ.
එමෙන්ම 27 වනදා සිට ජූලි 05 වන දින දක්වා උදෑසන 07 සිට උදෑසන 11යි 30 දක්වා සහ සවස 03 සිට රාත්‍රී 10 දක්වා බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයේදී බෝරා සමුළුව පැවැත්වෙනවා.
එම දිනවලදී වැල්ලවත්ත දෙස සිට මුහුදුබඩ මාර්ගයේ බම්බලපිටිය හරහා කොල්ලුපිටිය දෙසටත්, කොල්ලුපිටිය සිට බම්බලපිටිය හරහා වැල්ලවත්ත දෙසටත් කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කරනු ලබන බවයි පොලීසිය දැනුම්දෙන්නේ.
බම්බලපිටිය පොලිස් වසමේ ග්ලේන් ආබර් පෙදෙසට වාහන ගමනාගමනය සීමා කරමින් ගාලු පාරෙන් ග්ලේන් ආබර් පෙදෙසට ඇතුළුවී මුහුදුබඩ මාර්ගයට ගමනාගමනය සිදු කිරීමට කටයුතු කරනු ලබනවා.
බම්බලපිටිය පොලිස් වසමේ ආදිමලේ පෙදෙසට වාහන ඇතුල් වීම පදිංචිකරුවන්ට පමණක් සීමා කෙරෙන බවයි පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.