දින ගණනක සිට පොල්පිතිගම ප්‍රදේශයේ රෝගාතුරව සිටින ‘භාතිය’ ඇතාගේ ප්‍රතිකාර කටයුතු සම්බන්ධයෙන් වෙනසක් සිදු කරනවාද යන්න හෙට දිනයේදී තීරණය කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය, අශෝක දංගොල්ල මහතා පවසනවා.

එම සත්ත්වයාගේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු කියා සිටියේ මෙතෙක් සිදු කළ ප්‍රතිකාරවලින් එම සත්ත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී නොමැති බවයි.

මේ අතර, ඇතැම් පරිසර සංවිධාන චෝදනා කළේ එම හස්තියා එසවීමට යාමෙන් සහ දින ගණනාවක් එම හස්තියාගේ සිරුරේ කොටසක් ජලය තුළ රැඳී තිබීම එම සත්ත්වයාට අහිතකර ලෙස බලපෑ බවයි. ඒ සම්බන්ධයෙන්ද මහාචාර්ය, අශෝක දංගොල්ල මහතා අදහස් දැක්වුවා.