Published
අනාගත පරපුර විෂ මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීම සඳහා මහා සංඝරත්නය ප්රමුඛ සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ගමයි පන්සලයි අතර ආධ්‍යාත්මික සබඳතාවක් පවතින බවත්, සමාජය යථාවත් කිරීමට භික්ෂුවගේ උරුමය, යතිවර පරපුරේ කාර්යභාරය මේ සමාජයට යළි අවශ්‍ය බවත් ජනාධිපතිවරයා පැවසුවා.
වර්තමානය වන විට මත්ද්‍රව්‍ය අප නොහිතන ක්ෂේත්‍ර කරා ව්‍යාප්ත වී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
කැලණිය විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්රණ ශාලාවේ පැවති යෙළසිය අබිමන් සැමරුම් උළෙල අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා.
මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා.




