පාසල් පැවැත්වෙන කාල සීමාව තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් මෑතකදී පනවන ලද කොන්දේසි යළි සංශෝධනය කර තිබෙනවා.
වැලි, ගල් ආදී ඛනිජ ප්‍රවාහනයේදී අපරික්ෂාකාරී ලෙස වාහන ධාවනය කිරීම හේතුවෙන් පාසල් සිසුන් රැගත් වාහන අනතුරුවලට ලක්වීම වර්තමානයේ බහුලව සිදුවන බවට නිරීක්ෂණය වීම හේතුවෙන් පසුගිය 04 වනදා සිට නව කොන්දේසි පැනවීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පියවර ගත්තා.
ඒ අනුව උදෑසන 06.30 සිට 07.45 දක්වාත් පෙරවරු 11.30 සිට පස්වරු 02.30 දක්වාත් කාල සීමාවන් තුළ පාසල් අසල හා සිසුන් පාර මාරුවන ස්ථාන අසලින් කළු ගල් ඇතුළු ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු නොකරන ලෙස අදාල කොන්දේසි පනවනු ලැබුවා.
එහෙත් ඉදිකිරීම් කර්මාන්තයට අදාලව එම තීරණය මගින් එල්ල වී ඇති දැඩි බලපෑම මත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් අදාල කොන්දේසි සංශෝධනයට තීරණය කළ බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ.
ඒ අනුව පෙරවරු 06.30 සිට පෙරවරු 07.45 දක්වා සහ පෙරවරු 11.30 සිට පස්වරු 02.30 දක්වාත් කාල සීමාවන් තුළ පාසල් අසල හා සිසුන් පාර මාරුවන ස්ථාන අසලින් පොලිස් නිලධාරින්ගේ දැඩි අධීක්ෂණය යටතේ වාහනවල වේගය සීමාවකින් යුතුව ඛනිජ ප්‍රවාහන කටයුතු සඳහා අවසර ලබාදී ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ.




