මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරි කරන කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පසුගියදා තෙබුවන ප්‍රදේශයේ දී මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මතයි.
ඒ අනුව සැකකාර කොස්තාපල්වරයා මිරිහාන පොලිස් ඒකකයක පාඨමාලාවක් හදාරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම මත්ද්‍රව්‍ය ජාලයට තවත් සැකකරුවන් කිහිපදෙනෙකු සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පැවසුවා.
සැකකාර කොස්තාපල්වරයා කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාලයක් සමග සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති බවටයි විමර්ශනවලදී අණාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත වැඩිදුරට විමර්ශන සිදු කිරීමට නියමිතයි.




