Published
මත්ද්‍රව්‍ය ජාවාරමක් පවත්වාගෙන ගිය අඹුසැමි යුවළක් දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය, මරදගහමුල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක්.
එම යුවළේ පිරිමි පුද්ගලයා සතුව හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 980ක් සහ කාන්තාව සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 510ක්ද සොයාගෙන තිබෙනවා.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනා කාලයක් තිස්සේ දිවුලපිටිය, කටුවැල්ලේගම, දූනගහ, අලුතෑපොල, මරදගහමුල, නෙල්ලිගහමුල, නිල්පනාගොඩ සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලට එම මත්ද්‍රව්‍ය සපයා ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකාර පිරිමි පුද්ගලයා අද මිනුවන්ගොඩ අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන අතර කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.




