මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ඕනෑම කෙනෙකුට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරියකගේ සැමියෙකු අත්අඩංගුවට ගැනීම සහ පසුව ඇය ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්.

මේ අතර වතු කම්කරු වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.