විදේශයන්හි සැඟව සිටිමින් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවන බව කියන දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි සෙහාන් සත්සර නොහොත් දෙහිබාල මල්ලී හා ඔහුගේ සොහොයුරා වන තුෂාන් නෙත්සර නොහොත් කලු මල්ලි වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කලා.
ඊට අමතරව මෙම සැකකරුවන්ට විදේශ ගමන් තහනමක් පැනවීමට ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කරනු ලැබුවා
පසුගියදා දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබීයදී නාවික හමුදා විසින් අයිස්,හෙරොයින් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839.254ක් සිය භාරයට ගෙන තිබුණා.
එම මත්ද්‍රව්‍ය තොගය මේ රටට රැගෙන ඒම දෙහිබාල මල්ලි හා කළු මල්ලි විසින් සිදු කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නා.
මෙම සැකකරුවන් ඩුබායි හෝ වෙනත් විදේශියක රාජ්‍යය සැගවී සිටිමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් පොලීසිය පැවසුවා.
එම පුද්ගලයින් දෙදෙනාගේ දුරකථන විස්තර වාර්තා කැඳවීමට නියෝගයක් ලබා දෙන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ධීවරයින් පස්දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අද අධිකරණයට ඉදිරිපත් කළා.
ඒ අනුව අදාළ සැකකරුවන් නොවැම්බර් මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියෝග කළා.



