Published
දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව ඊයේ දිනය වනවිට සැකකරුවන් 543 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ දිවයින පුරා සිදු කරන ලද වැටලීම් 545කට අදාළවයි.
එම වැටලීම්වලට අදාළව හෙරොයින් ග්‍රෑම් 207යි මිලි ග්‍රෑම් 32ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 557යි මිලි ග්‍රෑම් 862ක්, ගංජා ග්‍රෑම් 799යි මිලි ග්‍රෑම් 346ක් සහ මත් පෙති 287ක් සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.
සැකකරුවන් වැඩිම ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලදීයි. එම සංඛ්‍යාව 290ක්.




