දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව ඊයේ දිනය වන විට සැකකරුවන් 3,216ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ, දිවයින වටා සිදු කළ වැටලීම් 3,219 කට අදාළවයි.

එම වැටලීම්වලදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 368ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 656ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 353ක්, ගංජා කිලෝ ග්‍රෑම් 326ක්, ගංජා පැළ 41,907ක්, මත් පෙති 2,999ක් සහ දුම්වැටි 371ක් සොයා ගෙන තිබෙනවා.

මේ අතර වැඩිම සැකකරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලට අදාළවයි.

එම ගණන 1,108ක්.