මත්ද්‍රව්‍ය රටම වෙළා ගත් දැවැන්ත ඛේදවාචකයන් වී අවසන්. මත්ද්‍රව්‍ය හේතුවෙන් අනේකවිධ දුක් කම්කටොලුවලට මුහුණ දෙන කාන්තාවන්, කුඩා දරුවන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයින් ඕනෑතරම් සමාජයේදී දැකගත හැකි වනවා.

රටම වෙළා ගෙන ඇති මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනයට මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මුදවා ගැනීමේ වැඩපිළිවෙළක් දැනටමත් ආරම්භ කර තිබෙන බවයි ආණ්ඩුව පවසන්නේ.

මේ යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ගෙයින් ගෙට ගොස් හඳුනාගැනීමේ වැඩපිළිවෙළක්ද ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

වනාතමුල්ල ප්‍රදේශයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වුවා.

මෙම වැඩපිළිවෙළ අදියරෙන් අදියර ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ ගැනත් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා කරුණු දැක්වුවා.