මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට මාලදිවයින් මුහුදේදී අත්අඩංගුවට ගත් ධීවරයින් යළි මෙරටට ගෙන්වා ගැනීම සදහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

විදේශ කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් එම කටයුතු සිදුවන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු පැවසුවේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ විශේෂ කණ්ඩායමක් ද ඒ සඳහා මේ වන විට මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙනවා.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට එම ධීවරයින් මාලදිවයින් මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ආරක්‍ෂක අංශ මගින්.

එහිදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සහ ධීවර යාත්‍රාවක්ද අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.