Published
උතුරු පළාත තුළ මත්පෙති බෙදාහැරීමේ ජාවාරමක නිරතවු පුද්ගලයෙකු මත්පෙති 359,000 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වවුනියාව පොලිසිය පැවසූවේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදි සැකකරු හා මත්පෙති තොගය අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු කල්පිටිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක පුද්ගලයෙකු වන අතර,සැකකරු කල්පිටිය ප්රදේශයේ සිට උතුරු පළාත තුළ මත්පෙති බෙදාහැරීමට පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරු මත්පෙති බෙදාහැරීමට යොදාගත් කැබ් රථයද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු වවුනියාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි ද්දුර විමර්ශන වවුනියාව පොලිසිය විසින් සිදුකරනු ලබනවා.



