Published
මත්ද්‍රව්‍යවලින් තරුණ පරපුර බේරා ගැනීමේ සමාජ සත්කාරයට නෙත් එෆ් එම් රේඩියෝවද දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගේ පැසසුමටද ලක්ව තිබෙනවා.
“එක් වෙමු පෙළ ගැසෙමු - මත් රකුසා එළවමු” යන තේමාව යටතේ එම සමාජ සත්කාරය ක්‍රියාත්මකයි.
ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම ඊයේ දිනයේ සිට නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළා.
ඒ සම්බන්ධයෙන් අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අලුත් බැලුම්ගල වැඩසටහනේදී අදහස් පළ වුණා.
මේ, එම වැඩසටහනට එක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා.
මත්ද්‍රව්‍යවලින් තරුණ පරපුර බේරා ගැනීම සඳහා ගත යුතු තවත් පියවර කිහිපයක් සම්බන්ධයෙන්ද ඔහු එහිදී මෙලෙස අදහස් පළ කළා.
මේ අතර, රජයේ සියලුම ආයතනවල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීමට රාජ්‍ය පරිපාලන ලේකම්වරයා හරහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමටද නියමිතව තිබෙනවා.




