විදෙස් රටක සැඟව සිටින පාතාල නායකයෙකු විසින් තමන්ට මරණීය තර්ජන එල්ල කළ බවට හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.
පාතාල නායකයකු ඩුබායිහි සිට දුරකථන ඇමතුම් කිහිපයක් මගින් එලෙස හිටපු අමාත්‍යවරයාට මරණීය තර්ජනය එල්ල කර ඇති බවටයි වාර්තා වුණේ.
ඒ, ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සිටියදී රටින් පලාගොස් සිටින සියලුම පාතාල නායකයින් හා පාතාල සාමාජිකයින් යළි දිවයිනට ගෙන්වීමට අවශ්‍ය නියෝග දීම පිළිබඳව ප්‍රකාශ කරමින්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත විමර්ශනයක් ක්‍රියාත්මකයි.
මේ අතර, විදෙස් රටවල සැඟව සිටින දරුණු ගණයේ අපරධකරුවන් තවත් පිරිසක් ඉදිරියේදී දිවයිනට රැගෙන ඒමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ.