පසුගියදා පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දුන් වට්ස්ඇප් අංකය හරහා මහජන ගැටලු රැසක් මේ වන විට පොලීසියට ලැබී ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. මෙතෙක් ලැබුණු පැමිණිලිවලට විසඳුම් ලබාදිම සඳහා විධිමත් වැඩපිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි ඔහු පැවසුවේ.

ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධවීමට හැකි නව වට්ස්ඇප් අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වාදුන්නේ ඔවුන්ට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහායි. ඒ අනුව 071 - 85 98 888 යන නව වට්ස්ඇප් අංකය මහජනතාව වෙනුවෙන් ක්‍රියාත්මකයි. මෙම අපරාධ මැඩලීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ මහජනතාවගෙන්ද සහාය ලබා ගනිමින් කටයුතු කරන බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මේ බව පැවසුවේ අද මහනුවරට පැමිණ මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.