Published
පොළොන්නරුව, බැඳී වැව, පාසල අසලදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේ දෙනමක් ඇතුළු පුද්ගලයන් නව දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ අද අලුයම වෑන් රථයක් බස් රථයක පිටුපස ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් පිරිසක්.
තුවාල ලැබූ පිරිස අතර වෑන් රථයේ රියදුරා, කුඩා දැරියක් සහ කාන්තාවන් 5 දෙනෙකු ද වනවා.
වෑන් රථයේ ගමන් ගත් පිරිස වැලිකන්ද ප්රදේශයේ පදිංචිකරුවන් වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එම පිරිස අනතුරට ලක්ව ඇත්තේ ආපදාවට ලක්ව සිටින මහනුවර ප්රදේශයේ ජනතාව වෙත ආධාර බෙදා දී ආපසු වැලිකන්ද ප්රදේශය බලා ගමන් කරමින් සිටියදීයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.


