Published
ලෝක ළමා දිනයට සමගාමීව නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කළ විශේෂ වැඩසටහන කැන්ඩි සිටි සෙන්ටර්හිදී අද දවස පුරා පැවැත්වුණා. ඊට දරුවන් විශාල පිරිසක් පෙරවරුවේ සිටම පැමිණ සිටියා. නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කළ මෙම වැඩසටහන පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා කැන්ඩි සිටි සෙන්ටර්හි රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත විමුක්ති කැලුම් ගුණරත්න සමගින්.
එම වැඩසටහන සමග එක්වූ දරුවන් කිහිප දෙනෙකුද මෙලෙස අදහස් පළ කළා. සිය දරුවන් වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කළ එම වැඩසටහන සම්බන්ධයෙන් මව්පියන් කිහිපදෙනෙකුද අදහස් දැක්වූවා.