බෝම්බ බියක් සම්බන්ධයෙන් ලද ඊ-මේල් පණිවිඩයකට අනුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මේ වනවිට විශේෂ පරික්ෂාවකට ලක් කර තිබෙනවා.

ස්ථාන පහක බෝම්බ බියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාට පසුගිය 23 වනදා ඊ-මේල් පණිවිඩයක් ලැබී ඇති බවයි පොලීසිය පැවසුවේ එම ඊ-මේල් පිණිවිඩය අද දින පරික්ෂා කර දිස්ත්‍රික් ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලීසිය දැනුවත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් මේ වනවිට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය සෝදිසියට ලක් කරමින් සිටින බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.